ඖෂධ හා උපකරණ හිඟය නිසා ජීවිත රැසක් අවදානමේ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සෞඛ්‍ය අංශය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ ප්‍රමාණවත් පරිදි සැපයීමට අද වනවිට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර,එයිනුත් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ ප්‍රතිකාර උපකරණවල හිඟය හා නඩත්තු ගැටලු නිසා එම රෝගීන්ගේ ජීවිත විශාල සංඛ්‍යාවක් අනතුරේ වැටී ඇති බව වාර්තා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබාදීම රජයේ වගකීමක් වන අතර එය සිදු නොවීම කනගාටුවට කරුණක් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ අතර, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 19/2022 සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද අදාල වන්නේ නම් දැනට පවතින මානව සම්පත් කළමනාකරණය ද තවදුරටත් ගැටලු සහගත විය හැකි යැයිද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ඊ‍යේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නගමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...