ආණ්ඩුව අද පන්සලටත් දඩ ගහන තත්වයට පත්වෙලා – සුනිල් හඳුන්නෙත්ති (VIDEO)

Date:

පන්සල් ඇතුළු ආගමික ස්ථානවල විදුලි බිලට සහනයක් ලබා නොදීම අසාධාරණ බවත් ඒ ඔස්සේ නැවතත් බර පැටවෙන්නේ ඒවායේ දායකයින්ටම බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අපි කවුරුත් දන්නවා මේ රටේ උද්ධමනය වැඩිවෙලා තියෙනවා, බඩුමිල වැඩිවෙලා තියෙනවා, ඒක මේ රටේ ජනතාවට දරාගන්න බැරි පීඩනයක් බවට පත්වෙලා තියෙනවා. ඒ වෙලාවේ තමයි ආණ්ඩුව විදුලි බිල වැඩි කළේ. මේ විදුලි බිල වැඩි කරද්දී සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා විහාරස්ථාන ඇතුළු අනෙකුත් සියලුම ආගමික ස්ථානවලට ඒ විදුලි බිල් වැඩිවීමේ අදාළතාවය අනුකූල කරන්නෙ නෑ. මොකද හේතුව ඒවා ගෙවන්න වෙන්නෙත් නැවත දායකසභාවන්ට, දායකයින්ට. විහාරස්ථානවලට අවශ්‍ය සහනයක් ලබාදීම බොහෝ කාලයක් තිස්සේ තියෙන සම්ප්‍රදායක්. නමුත් දැන් ආණ්ඩුව අද විහාරස්ථානවලිනුත් බදු අය කරන තත්වයට පත්වෙලා තියෙන්නෙ. ජනතාවගේ බරම තමයි ඒකෙනුත් පැටවෙන්නෙ. මොකද විහාරස්ථානයක විදුලි බිල වැඩිවෙනවා කියන්නෙ ඒකත් නැවත ගෙවන්න වෙන්නෙ සාමාන්‍ය ජනතාවට. ජනතාව දැන් එක වේලක් කාපුවාම අනිත් වේල කන්නෙ කොහොමද කියලා කල්පනා කරන්නෙ. එවැනි වෙලාවක විදුලි බිල වැඩි කරපුවාම විහාරස්ථාන කළුවරේ තියන්න තමයි වෙන්නෙ. ආණ්ඩුව අද පන්සලටත් දඩ ගහන තත්වයට පත්වෙලා තියෙන්නෙ මේ රටේ ධනය විනාශ කරලා කාබාසිනියා කරපු නිසා. මොකද එහෙමයි කියලා ආණ්ඩුවේ වරප්‍රසාද, ඇමතිවරුන්ගේ වරප්‍රසාද එකක්වත් අඩුවෙලා නෑ”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...