ගොවියො අතගගා මේ වෙනස කරන්න බෑ. හොඳත් අහන්න වෙනවා, නරකත් අහන්න වෙනවා. අපි ඒ දෙකටම ලෑස්තියි – ලාල්

ජාතික ජන බලවේගය මේ රටේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස කිරීමට නම් ගොවීන් ද වෙනස් වියයුතු බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“ඇත්තම තත්වය මේකයි, අපේ රටේ මේ වෙනස කරන්න අමාරුයි ගොවියොත් වෙනස් නොවී. ගොවි මහත්තුරුන්ව අතගගා, හොඳයි, ඕගොල්ලො රජවරු, ෂෝක්, ජාතියට බත සපයනවා … වගේ ඒවාම කියකියා මේක වෙනස් කරන්න බෑ. ඇත්තටම අපි ඉන්නෙ දැන් එකතැනක ඉඳන් වෙනත් තැනකට පරිවර්තනය වෙන කාලයක නෙ. එතකොට පරිවර්තනය වෙන කාලයක ස්වරූපය තමයි හොඳත් අහන්න වෙනවා, නරකත් අහන්න වෙනවා. ඉතින් අපි ඒ දෙකටම ලෑස්ති පිට හොඳ වෙනුවෙන් වැඩ කරගෙන යනවා”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (28) අනුරාධපුර ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...