ලෝක සෞඛ්‍ය සංවිධානයට දැඩි මූල්‍ය අර්බුදයක්? ඇමෙරිකාව Gavi හරහා අරමුදල් නවතයි

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපදය ගෝලීය එන්නත් සන්ධානය වන Gavi සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක (ඩොලර් බිලියන 0.6ක) අරමුදල් නිදහස් කරමින් එම මුදල් හරහා World Health Organization (WHO) වෙත කිසිදු රජයේ අරමුදලක් ලබා නොදෙන බවද අවධාරණය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහි ට්‍රම්ප් පරිපාලනයේ නවතම පියවර මෙය වන අතර මේ සම්බන්න්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, “එක්සත් ජනපද රජය Gavi හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයට කිසිදු අරමුදලක් ලබා නොදෙන බව නැවතත් තහවුරු කරයි” යනුවෙනි.

මෙම තීරණය, WHO වෙත විශාල මූල්‍ය බලපෑමක් එල්ල කරන පියවරක් ලෙස සැලකෙන අතර, එය එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය වැඩසටහන් සඳහාද බලපෑම් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, Gavi සඳහා ඩොලර් මිලියන 600ක අරමුදල් නිදහස් කිරීම මඟින් ලොව අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල දරුවන්ට එන්නත් ලබාදීම සහ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය ලබාදීම ඇමෙරිකාවේ අරමුණ බව ද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...