හැමෝම අපට බනිනවා, ශ්‍රීලනිපය ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම් – ලසන්ත

0
519

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගන්නේ නම් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත්වීමට තම මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

“අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නෙ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනා විතරක් නෙවෙයි. ඒකෙ විධායක සභාව තියෙනවා, මධ්‍යම කාරක සභාව තියෙනවා. ඒ අනුව මධ්‍යම කාරක සභාව ගන්න ඕනෑම තීන්දුවකට අපි අනිවාර්යයෙන්ම එකඟව කටයුතු කරනවා. ඉතිං ඒක මම තමයි මාස තුනකට කලින් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළේ. හැබැයි සජබෙට යන්නෙත් නෑ, සජිත් ප්‍රේමදාස පස්සෙන් යන්නෙත් නෑ, ඒ වගේම පොහොට්ටුවට යන්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා අපි අනිවාර්යයෙන්ම ඉන්නෙ.

දැන් හැබැයි අද අවාසනාවකට ජනතා විමුක්ති පෙරමුණෙනුත් බැනුම් අහනවා, ඒ වගේම ෆොන්සේකා මහත්තයාගෙනුත් බැනුම් අහනවා, අද පොහොට්ටුවෙනුත් බැනුම් අහනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සේරගෙන්ම බැනුම් අහන මට්ටමකට අපි පත්කරගෙන තිබෙනවා. අපිට කාගෙන්වත් බැනුම් අහන්න අවශ්‍යතාවයක් නෑ. ඕනෙ කෙනෙකුට බනින්න පුළුවන්, නමුත් ඒ බනින ඒවා එකක්වත් අපි ගණන් ගන්නෙත් නෑ, අපට අදාළත් නෑ. අපේ පක්ෂයට වෙනමම මතයක්, ස්ථාවරයක් තිබෙනවා”

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here