සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයට අයත් උතුරු අප්‍රිකාවේ පිහිටි සෙයුටා (Ceuta) ප්‍රදේශයට මොරොක්කෝවෙන් පැය 24ක් ඇතුළත දස දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් ඇතුළු වීමත් සමඟ ඇති වූ දැවැන්ත මානුෂීය අර්බුදයෙන් අවම වශයෙන් පුද්ගලයින් 57 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් තහවුරු කර තිබේ.
වාර්තා අනුව 50,000 සිට 60,000 දක්වා පිරිසක් මොරොක්කෝවෙන් මුහුද හරහා පිහිනමින් හෝ දේශසීමා බාධක පසුකර සෙයුටාවට ඇතුළු වී ඇති අතර, එය 85,000ක පමණ ජනගහනයක් සිටින නගරයට දැඩි පීඩනයක් එල්ල කර තිබේ. බොහෝ මරණ සිදුව ඇත්තේ මුහුදේ ගිලී යාමෙන් සහ තදබදය හේතුවෙන් බව සඳහන් වේ.
ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් (Pedro Sánchez) මෙම සිද්ධිය “ස්පාඤ්ඤයේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීමක්” ලෙස විස්තර කර ඇති අතර, දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා අතිරේක පොලිස් සහ හමුදා බලකා යොදවන බව නිවේදනය කර අැත.
මෙම සිදුවීම යුරෝපා සංගමය තුළද දැඩි කතාබහට ලක්ව අැති අතර ඇතැම් රටවල් ස්පාඤ්ඤයේ දේශසීමා කළමනාකරණය පිළිබඳ විවේචන එල්ල කළ අතර, අනෙක් පාර්ශ්ව ස්පාඤ්ඤයට සහය පළ කරමින් අර්බුදය කළමනාකරණය කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ තිබේ.

