රෂිකා හෙන්නායක අගෝස්තු 01 , කොළඹ LNW :
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් මෙරට දුම්රිය සේවයේ පවතින සංඥා පද්ධති දෝෂ සහ පිරිහෙමින් පවතින යටිතල පහසුකම් පිළිබඳව බරපතල අනතුරු ඇඟවීමක් කර ඇත.
විශේෂයෙන්ම මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ පවතින දුර්වලතා හේතුවෙන් මගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.
විධිමත් පද්ධති වෙනුවට තාවකාලික ක්‍රමවේද භාවිත කරමින් දුම්රිය ධාවනය කිරීම සාමාන්‍ය සිරිතක් බවට පත්වීම සම්බන්ධයෙන් ඔවුන් සිය විරෝධය පළ කරයි.
මහජන මුදල් විශාල වශයෙන් වැය කළ ව්‍යාපෘති නිසි නඩත්තුවක් නොමැතිකමින් විනාශ වන බවට ද එහිදී චෝදනා එල්ල විය.
බලධාරීන් මෙම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

