ඩෙල්ෆ් දූපත තිරසාර සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර!

කොළඹ LNW:​උතුරු පළාතේ ඌන උපයෝජිත සංචාරක ස්ථාන සංවර්ධනය කරමින් සංචාරක පැමිණීම වේගවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ, යාපනය දිස්ත්‍රික්කය මූලික කරගනිමින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සහ රාජ්‍ය මට්ටමේ ඉහළ නිලධාරීන්ගේ හමුවක් සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා එක්විය.

​ඕලන්ද යුගයේ ස්මාරක සහ නිදහසේ සැරිසරන අශ්වයන් (Wild Horses) සහිත ඩෙල්ෆ් දූපත තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම නිරීක්ෂණ චාරිකාවේදී එහි පවතින අවශ්‍යතා හඳුනා ගැනීමට කටයුතු කෙරුණු අතර, ඊළඟ අයවැය මඟින් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) හරහා මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන මෙම සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමට සැලසුම් කර ඇත. එමඟින් පානීය ජලය, මහාමාර්ග, ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීමට මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සංචාරක සත්කාරක දැනුම ඉහළ නැංවීමට කටයුතු යොදනු ලැබේ.

​මෙම නිරීක්ෂණ චාරිකාව සහ සාකච්ඡාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉලංකුමාරන් කරුණානාදන්, වෛද්‍ය ශ්‍රී භවනදරාජා ෂන්මුගනාදන් සහ රාජීවන් ජෙයචන්ද්‍රමූර්ති යන මහත්වරුන් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) නියෝජනය කරන නිලධාරී පිරිසක්, ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් ද මීට එක්ව සිටියහ.

​මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය මට්ටමේ නිලධාරීන් ද, ආරක්ෂක අංශවල හා ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් ද සමඟ යාපනය දිස්ත්‍රික්කය තුළ සංචාරක සංවර්ධන කටයුතු පිළිබඳව සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග හා ප්‍රගති සමාලෝචනය පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...