හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහි නඩු 5ක් වහාම විභාගයට ගැනීමට නියෝග

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩු 5ක් වහාම විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණය මහාධිකරණයට නියෝග කර තිබේ.

ඒ, අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමක් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් සලකා බැලීමෙන් අනතුරුව ය.

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයින් පිරිසක් රාජකාරිවලින් බැහැරකොට දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රුපියල් මිලියන 60ක පමණ පාඩුවක් රජයට සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩු 05 අල්ලස් කොමිසම විසින් පවරා ඇත.

මෙම නඩුවල පළමු විත්තිකරුවා වශයෙන් එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු නම්කර තිබිණි.

මෙම එක් නඩුවකින් විත්තිකරුවන් නිදහස් කිරීමට මීටපෙර මහාධිකරණය දී තිබූ නියෝගය ද අභියාචනාධිකරණය විසින් ඊයේ (04) අවලංගු කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...