සෞදි ජාතික දින සැමරුමට ඥානසාර හිමිට විශේෂ ආරාධනයක්

Date:

සෞදි අරාබියේ 92 වන ජාතික දිනය සැමරීමේ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලේය්දී ඊයේ (23)  පස්වරුවේ උත්සවාකාරයෙන් සංවිධානය කර තිබිණ.

අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන, කතානායක මහින්ද යාපා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියේය.

මෙම ජාතික දින උත්සවයේ විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විශේෂ ආරාධිතයෙක් ලෙස මෙම අවස්ථාවට එක්ව තිබීමයි.

මුස්ලිම් අන්තවාදය පිලිබද දැඩි ලෙස ක්‍රියාකල හා අවස්ථා කිහිපයකදීම සෞදි සංවිධාන දැඩිව විවේච්නය කල උන්වහන්සේ ගේ පැමිණීම බොහො දෙනාගේ විමතියට හේතුවි ඇතිබව සමාජ මාධ්‍ය නිරීක්ෂණයේදී පැහැදිලිවේ.

වසර කිහිපයක් බොදු බල සේනා සංවිධානයේ කටයුතුවලින් දුරස්ව සිටි එහි ප්‍රධාන විධායක නිළධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ද විශේෂ ආරාධිතයකු ලෙස ඥානසාර හිමි සමග මෙම ජාතික දින උලෙලට සහභාගී වී තිබිණ. ඒ ඔහුගේ භාර්යාවද සමගිනි.

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාකරමින් මැදි පිලිවෙතකට අවතීරණය වීමත් සමග සෞදි තානාපති අංශ වෙනස් ආකල්ප වලින් යුතුව කටයුතු කරමින් සිටින බව බොදුබල සේනා සංවිධානයේ නිගමනය වී ඇත.

 ඒ අනුව, සෞදි තානාපති නිළධාරීන් හා ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධාන නියෝජිතයින් අතර පසුගිය කාලයේ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබිණ.

ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ හා මුස්ලිම් ගැටලු පිළිබදව අධ්‍යයනය කොට ලෝක සාමය ඇතිකරමින් බෞද්ධ – මුස්ලිම් මිත්‍රත්වය ඇති කිරීමට නායකත්වය  ගන්නා ලෙස සෞදි රාජ්‍යතාන්ත්‍රික අංශ ගනසාර හිමිගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තාවේ.

Dilantha 2022.09.24

THE LEADER

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...

2026 අයවැයට වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා!

කොළඹ LNW:2026 අයවැය සඳහා වාහන ආනයනකරුවන් විසින් යෝජනා ඉදිරිපත්කර...

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...