විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හයකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

සටහන – රුවන් නෙළුගොල්ල

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු අමා­ත්‍ය­ව­රුන් වන විමල් වීර­වංශ, උදය ගම්ම­න්පිල, පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලිත් ජය­වීර, හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ලේක­ම්ව­ර­යකු වූ සුගී­ෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහ­ජන පක්ෂයේ නායක අසංක නව­රත්න සහ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය මහින්ද පති­රණ යන හය දෙනාට එරෙහිව ඉදිරි නීතිමය කටයුතු කිරීම සඳහා අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කළ බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (05) දැනුම් දී තිබේ.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඉහත හයදෙනා සිදුකළ ප්‍රකාශ සහ ඔවුන් විසින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සත්‍යග්‍රහයක් සිදුකිරීමට අදාළව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දීර්ඝ වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ය.

සුරේෂ් සලේ නමැති සැක­ක­රුට ඇති රෝගී තත්ත්වය සම්බ­න්ධ­යෙන් නියෝ­ග­යක් ලබා දීමට 2026.06.10 දින නියම කර තිබි­යදී, 2026.06.07 දින කොටුව දුම්රි­ය­පොළ ඉදි­රි­පිට සත්‍ය­ග්‍ර­හ­යක් සිදු කර­මින් ප්‍රකාශ සිදු කිරීම හරහා ඔවුන් අධි­ක­ර­ණ­යට අප­හාස කර ඇතැයි බැලූ බැල්මට පෙනීයන බවටයි මහේ­ස්ත්‍රා­ත්ව­රයා එහිදී තීර­ණය කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...