විදුලි බිල වැඩි උනාට ජනාධිපති මොනව කරන්නද ? – හාමුදුරුවරු උද්ගෝෂණය කළයුතු තැන රතන හිමි කියයි

Date:

විදුලි ගාස්තු ඉහළ දැමීමට ආණ්ඩුප පසුගියදා කටයුතු කළ අතර මේ වනවිට එය බරපතල ගැටලුවක් වී තිබෙනවා. විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික ස්ථානවල විදුලි බිල හතර පස් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර මේ නිසා ආගමික නායකයන්ගෙන් ආණ්ඩුවට එල්ල වන්නේ දැඩි විරෝධයකි.

කෙසේ නමුත් පාර්ලිමේනුව නියෝජනය කරන එකම භික්ෂූන් වහන්සේ වන අතුරලියේ රතන හිමි ඒ පිළිබඳව දරන්නේ වෙනස් මතයකි.

විදුලි බිල අඩු කළහොත් මහා භාණ්ඩාගාරයට ඒ හරහා අහිමි වන මුදල රුපියල් බිලියන 100 ක් පමණ වන බව පෙන්වා දෙන රතන හිමි පවසන්නේ ගාස්තු අඩු කිරීම වෙනුවෙන වෙනත් විකල්ප පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි. වත්මන් ගැටලුවට ප්‍රධාන හේතුව කලකට පෙර විදුලිබල මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොවීම බවද රතන හිමි පෙන්වා දෙනවා.

අර්බුදයට වගකිව යුත්තේ විදුලිබල මණ්ඩලය බවත් ඒ නිසා මෙම ගැටලුවට විසඳුම් දෙන්නැයි ඉල්ලා හාමුදුරුවරු උද්ගෝෂණය කළයුත්තේ විදුලිබල මණ්ඩලය ඉදිරිපිටදී බවත් රතන හිමි පවසනවා.

ජනාධිපති තනතුරේ කවරෙකු සිටියද පවතින ආර්ථික තත්වය යටතේ විදුලි බිල අඩුකළ නොහැකි බවද රතන හිමි අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...