කාලගුණයෙන් රතු නිවේදනයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිතුක් කර තිබේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අදාළ වන අතර මෙම නිවේදනය අද (06) උදෑසන 10ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 සඳහා වලංගු වේ.

ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.60-70 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි නිවේදනය කර ඇත්තේ.

එබැවින්, මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලබයි.

මඩකලපුව සිට කන්කසන්තුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

ඒ අනුව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මමත් දවල්ට කන්නෑ. බත් කන එක තුනෙන් දෙකකින් අඩුකරන්න – ඇමති ලාල්ගෙන් රාජ්‍ය සේවකයින්ට උපදෙස්

දැනට ආහාරයට ගන්නා බත් ප්‍රමාණය තුනෙන් දෙකකින් අඩුකරන්නැයි රාජ්‍ය...

BMW නඩුවට වරද පිළිගත් ජොනීට දඬුවම් නියම කිරීම කල් යයි

සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...