දිට්වා බලපෑමට ලක්වූ ප්‍රදේශ යළි අවධානමේ – ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතනය සමඟ දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ යළි සක්‍රීයවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කරන්නේ මේ වනවිට පස ජලයෙන් සංතෘප්තව ඇති බැවින් මෙම තත්ත්වය උදාවී ඇති බවය.

එමනිසා කුඩා වර්ෂාවකදී වුවද නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන ලෙසයි ඔහු අවධාරණය කරන්නේ. ඒ මහතා දැනුම්දෙයි.

මේඅතර හෙට (07) සහ අනිද්දා (08) දිනයේ දී කාලගුණ පුරෝකථන අනුව වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි හෙයින් මේ දිනවල පවතින අධික තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනය සමඟ පස්කණ්ඩි, පස් කඳු සෝදායෑමේ සහ ගල් පෙරළීම් ඉතා අවදානම් තත්ත්වයක පවතින බවද කියාසිටියි.

මාර්ග භාවිතයේ දී එවැනි අවදානම් ස්ථාන පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු අතර ඇළ මාර්ග දෙපස සිටින ජනතාව ද වඩාත් කල්පනාකාරීව සිටිය යුතු බවත් ජල උල්පත් මතුවීමක් හෝ ලයිට් කණු ඇලවීමක් වැනි ලක්ෂණ දුටු වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවද අවධාරණය කරයි.

පසුගිය දින කිහිපය තුළ පැවති කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවීම් 15ක් සහ නුවරඑළියේ සිදුවීම් 4ක් ඇතුළත සමස්ත සිදුවීම් 21ක් වාර්තා වී ඇති අතර නායයෑම් හේතුවෙන් මරණ 5ක් වාර්තා වී තිබේ.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සතුව ස්වයංක්‍රීය වර්ෂාමාන 330කට ආසන්න සංඛ්‍යාවක් පවතින අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින පද්ධති හා වාරිමාර්ගය සතු පද්ධති සියල්ල පැය 24 පුරාම අධ්‍යයනය කරමින් සිටින බවත් අධික වාර්ෂාවක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කියාසිටියි.

මෙවැනි තත්ත්වයක් තුළ අවට සිදුවන සිදුවීම් පිළිබඳව ජනතාව වඩාත් සැලකිලිමත්ව වන ලෙසත් ඉවත්වීමේ උපදෙස් මත අවශ්‍ය මොහොතේ දී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් ආපදා ස්ථානයෙන්ගෙන් ඉවත්වීමට කටයුතු කරන ලෙසත් වසන්ත සේනාධීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...