ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:යුක්රේනය රුසියාවේ තෙල් පිරිපහදු දෙකකට පහර දී ඇති බව ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි පවසයි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු පවසන්නේ යුක්රේනයේ ආරක්ෂක හමුදා යාරොස්ලාව්ල් හි ස්ලාව්නෙෆ්ට්-යානොස් පිරිපහදුවට සහ බෂ්කෝර්ටෝස්තානයේ බෂ්නෙෆ්ට්-නොවොයිල් පිරිපහදුවට පහර දුන් බවයි.
යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරවලින් පසු යාරොස්ලාව් තෙල් පිරිපහදුව දෙසින් කළු දුමාරයක් නැඟී එන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණු අතර යාරොස්ලාව් ආණ්ඩුකාර මිහායිල් එව්රෙව් පවසන්නේ කලාපයට පහර දුන් යුක්රේන ඩ්‍රෝන යානා විනාශ වී ඇති නමුත් සුන්බුන් වැටීමෙන් නිවාස තුනක් ගිනිගෙන ඇති බවයි.
මේ අතර කළු මුහුදේ රුසියානු සෙවනැලි බලඇණියේ හමුදා මුර සංචාර බෝට්ටු දෙකක් සහ යාත්‍රා දෙකකට ද ඔවුන් පහර දුන් බව ජනාධිපති සෙලෙන්ස්කි පවසයි.
යුක්රේනය විසින් එල්ල අකරණ ලද එම ප්‍රහාරය රුසියානු කලාපීය ආණ්ඩුකාරවරයා දක්වා ඇත්තේ “සතුරු ඩ්‍රෝන යානා විසින් සිදු කරන ලද විශාලතම ප්‍රහාරය” ලෙසයි. කෙසේවෙතත් ඔවුන් යුක්‍රේනයේ ඩ්‍රෝන යානා 92 ක් විනාශ කළ බවත් සුන්බුන් වැටීම නිසා නිවාස තුනක් ගිනි ගැනීමට හේතු වී ඇති බවත් පවසා තිබේ.
රුසියාව පුරා, යාරොස්ලාව්ල් ඇතුළු කලාප කිහිපයක යුක්රේන ඩ්‍රෝන යානා 605 ක් අල්ලා විනාශ කර ඇති බවද රුසියානු හමුදාව පවසයි
යුක්රේනය මෑත සතිවල පිරිපහදු සහ ගබඩා ඇතුළු රුසියානු යටිතල පහසුකම් මත ප්‍රහාර මාලාවක් දියත් කර කර තිබුණි.
යුක්රේනයේ නිලධාරීන් පවසන්නේ නේවාසික ප්‍රදේශයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි.


