මාලිමාවේ බොරු පොරොන්දු නිසා ජනතාවගේ ඉවසීමේ සීමාව පනීවි. අපිත් බලාගෙන ඉන්නේ කියපු දේවල් කරනකල් – ශෂීන්ද්‍ර

ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගත්තේ විශාල වශයෙන් බොරු පොරොන්දු ලබාදීමෙන් බවත් ඒවා එකින් එක ඉටුකරනු ඇතැයි ජනතාව අවුරුදු දෙකක් තිස්සේ බලා සිටි නමුත් දැන් ජනතාවගේ ඉවසීමේ සීමාව ළඟාවෙමින් පවතින බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

“රට අස්ථාවරවීම ගත්තාම බන්ධනාගාර සිදුවීම කියන්නෙ එක සිදුවීමක් විතරයි. තව ගොඩක් සිදුවීම් සිදුවෙනවා. අපිට වඩා මේ රටේ ජනතාව ඉතාමත් අවධානයෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. ඉදිරියේදී උත්තර දෙයි”

“සහන දෙනවා කියලා විතරක් නෙවෙයි, මේ රටේ ජනතාව රැවටෙන්න පුළුවන් කියන්න පුළුවන් සියලුම බොරු ටික මේගොල්ලෝ කිව්වා. දැන් ඒවා එකින් එක ඉටු කරාවි කියලා ජනතාව බලාගෙන හිටියා අවුරුදු දෙකක්. මං හිතනවා ඉතින් ඊටපස්සෙ ජනතාව ඉවසීමේ සීමාව ඉක්මවා යයි. ඉතින් අපිත් බලාගෙන ඉන්නවා මේ කියපු දේවල් කරනකල්. එහෙම නැතිවුණොත් අපි ලෑස්තියි විපක්ෂය හැටියට දැනටමත් අපි ඉතාමත් සංවිධානාත්මකව කළයුතු දේවල් කරන්න අපි ලෑස්තියි”

ප්‍රශ්නය – විපක්ෂයේ හඬ නඟන කට්ටිය විතරක් අල්ලලා අත් අඩංගුවට ගැනීම් සිද්ධවෙනවා වගේද ?

“දුර්වල ආණ්ඩුවක හැටි එහෙමනෙ. තමන්ට වැඩේ කරන්න බැරිවුණාම විරුද්ධ වෙන මිනිහා අල්ලලා හිරේ දාන්න යනවා. එහෙම ඒක ඉතින් කරන්න පුළුවන් සීමාවක් තියෙනවානෙ”

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...