වැසි තත්වයේ වෙනසක් – අද (09) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අගෝස්තු 09) දිනයේදී සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 02.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BMW නඩුවට වරද පිළිගත් ජොනීට දඬුවම් නියම කිරීම කල් යයි

සටහන - රුවන් නෙළුගොල්ල නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද...

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...