3000කගේ වැටුප් ප්‍රමාදයි, ඉවත් වූ අයට වන්දි ගෙවාත් නැහැ – හෙළ ඇපරල් කෙන්යාවටත් ප්‍රශ්නයක් වෙයි

ණය ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙන් වසා දැමීමට තීරණය කර ඇති හෙළ ඇපරල් සමාගමේ තත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව කෙන්යාවටත් ගැටලුවක් වී ඇති බව වාර්තා වේ.

කෙන්යාවේ නයිරෝබි හි සෙනෙට් සභික එඩ්වින් සිෆුනා මහතා පසුගිය 04 වනදා එරට සෙනෙට් සභාව අමතමින් මේ පිළිබඳ අවධානය යොමුකර ඇත.

එහිදී ඒ මහතා පෙන්වාදී ඇත්තේ මේ වන විට නයිරෝබි හි Hela Intimates EPZ Ltd කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයින් 3,000කගේ පමණ වැටුප් ගෙවීම් ප්‍රමාද වී ඇති බවයි. එසේම වැටුප්වලින් කරන ලද අනිවාර්යය අඩු කිරීම් නියමිත පරිදි ප්‍රේෂණය කර නොමැති බවත් අනාවරණය කර ඇති ඒ මහතා සේවයෙන් ඉවත් වූවන් හට වන්දි ගෙවීම් ද සිදුකර නොමැති බවත් සඳහන් කර තිබේ.

ඒ අනුව, කර්මාන්තශාලවේ සේවය කරන සේවකයින්ට හා සැපයුම්කරුවන් හට අදළා ගෙවීම් සිදු නොකර එහි මෙහෙයුම් අත්හිටුවීමට සමාගම කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා ඇත.

මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට නොහැකිවීම නිසා හෙළ ඇපරල් හෝල්ඩිංස් සමාගම අධිකරණය හරහා ඈවර කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය සතියේදී තීරණය කර තිබූ අතර ඊට අදාළ පෙත්සම් ද වාණිජ මහාධිකරණය වෙත යොමුකර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...