පාර්ලිමේන්තු කැන්ටිමටත් අමාරුයි – ආහාර මිල ඉහළ දමයි

Date:

පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා අය කරන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවේ එකඟතාවයකට අනුව මෙම මිල සංශෝධනය සිදුකර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයෙක් සඳහා ලබාදෙන ආහාර වේල රුපියල් 100 කින් ඉහළ දමා තිබෙනවා. මේ දක්වා මන්ත්‍රීවරුන්ගෙන් අය කළේ රුපියල් 200 ක මුදලකි.

මීට අමතරව පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදීන්ගේ ආහාර වේල සඳහා අයකළ රුපියල් 100 ක මුදල 150 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

පාර්ලිමේන්තු සේවකයන්ගේ ආහාර මිල ගණන් මීට පෙර අවස්ථාවකදී සංශෝධනය කළ අතර එම මිල ගණන් ඉදිරියටද ක්‍රියාත්මක වේ.

මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් සහ වෙනත් කණ්ඩායම් සඳහා ලබාදෙන ආහාර වර්ග සීමා කිරීමටද පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාව තීරණය කර තිබෙනවා. රටේ ආර්ථික තත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ තිබේ.

පාර්ලිමේන්තු‌වෙන් ලබාදෙන ආහාර වර්ග සඳහා වසරකට වැය කරන මුදල රුපියල් කෝටි 15 කට ආසන්න වන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...