පාර්ලිමේන්තු කැන්ටිමටත් අමාරුයි – ආහාර මිල ඉහළ දමයි

පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා අය කරන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවේ එකඟතාවයකට අනුව මෙම මිල සංශෝධනය සිදුකර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයෙක් සඳහා ලබාදෙන ආහාර වේල රුපියල් 100 කින් ඉහළ දමා තිබෙනවා. මේ දක්වා මන්ත්‍රීවරුන්ගෙන් අය කළේ රුපියල් 200 ක මුදලකි.

මීට අමතරව පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීම සඳහා පැමිණෙන මාධ්‍යවේදීන්ගේ ආහාර වේල සඳහා අයකළ රුපියල් 100 ක මුදල 150 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

පාර්ලිමේන්තු සේවකයන්ගේ ආහාර මිල ගණන් මීට පෙර අවස්ථාවකදී සංශෝධනය කළ අතර එම මිල ගණන් ඉදිරියටද ක්‍රියාත්මක වේ.

මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් සහ වෙනත් කණ්ඩායම් සඳහා ලබාදෙන ආහාර වර්ග සීමා කිරීමටද පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාව තීරණය කර තිබෙනවා. රටේ ආර්ථික තත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ තිබේ.

පාර්ලිමේන්තු‌වෙන් ලබාදෙන ආහාර වර්ග සඳහා වසරකට වැය කරන මුදල රුපියල් කෝටි 15 කට ආසන්න වන බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...