සුළි කුණාටුවෙන් විපතට පත් චීනයේ Zhejiang පළාතට චීන රජයෙන් හදිසි ප්‍රතිපාදන!

කොළඹ LNW:චීනයේ Zhejiang පළාතට බලපෑ සුළි කුණාටුව සමඟ චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම චීන යුවාන් මිලියන 200ක හදිසි ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ, ගංවතුර පාලනය පිළිබඳ වැදගත් උපදෙස්, “ජාතික ස්වාභාවික ආපදා සහන හදිසි සැලැස්ම” සහ Zhejiang පළාතේ ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, හානියට පත් ප්‍රදේශ පිළිසකර කිරීම සඳහා චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම මධ්‍යම අයවැයෙන් මෙම හදිසි ප්‍රතිපාදන මුදල වෙන් කළ බවයි වාර්තා වන්නේ.

පසුගිය 9 වැනිදා රාත්‍රියේ “ඩොල්ෆින්” සුළි කුණාටුව Zhejiang පළාතේ Yuhuan නගරයට සහ Yueqing නගරයට කඩා වැදුණු අතර ඉන් එම පළාතට දැඩි හානියක් සිදු වුණා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීනය ඊයේ (10) IV වන මට්ටමේ ජාතික හදිසි ප්‍රතිචාරයක් ද සක්‍රීය කළා.

මේ අතර, චීන ජල සම්පත් අමාත්‍යාංශය ඊයේ (10) විශේෂ රැස්වීමක් පවත්වමින් “ඩොල්ෆින්” සුළි කුණාටුවේ ප්‍රවණතා සහ බලපෑම පිළිබඳ තක්සේරුවක් සිදු කර තිබෙනවා. සුළි කුණාටු, වැසි කුණාටු සහ ගංවතුර අවදානම් කළමනාකරණය පිළිබඳව ද එහිදී එම අමාත්‍යාංශය සැලසුම් සම්පාදනය කළ බව ද වාර්තා වනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...