බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා රු. මිලි. 181.5 ක වියදමින් නව ගිලන් රථ සහ උපකරණ ප්‍රදානයක්..

රෂිකා හෙන්නායක අගෝස්තු 11 , කොළඹ LNW :

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සපයනු ලබන රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් කාර්යක්ෂම හා ඉහළ නැංවීමේ අරමුණින්, දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා නව ගිලන් රථ බෙදාදීමේ අද දින (2026 අගෝස්තු 11) බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 181.5 කි. ඒ අතරින් ගිලන් රථ 5 සඳහා රුපියල් මිලියන 123.9 ක් ද, ඒ සඳහා අවශ්‍ය අතිනවීන වෛද්‍ය උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 57.6 ක් ද වැය කර ඇත. මෙලෙස නව ගිලන් රථ ලබා දෙන ලද්දේ දියතලාව මූලික රෝහල, වැලිමඩ මූලික රෝහල, බණ්ඩාරවෙල මූලික රෝහල, කොස්ලන්ද ප්‍රාදේශීය රෝහල සහ ලුනුගල ප්‍රාදේශීය රෝහල යන රෝහල් සඳහා ය.

ගරු වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන්ක් හෙන්නායක සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ සම්බන්ධ විය. මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, ඌව පළාත් සෞඛ්‍ය ලේකම්තුමා, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...