රෂිකා හෙන්නායක අගෝස්තු 11 , කොළඹ LNW :
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
මෙම නීතිමය ක්‍රියාමාර්ගයට මූලික වී ඇත්තේ ඔහු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට අදාළ සිදුවීමකි.
අදාළ කටයුත්ත කොරියානු සමාගමකට පැවරීමේදී රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට ඔහුට දූෂණ චෝදනා එල්ල වී ඇත.


