කව්වා ආසියානු කුසලානයට කැඳවයි

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිටියේ ඇය හඳුනන්නේ කව්වා නමින්ය. ඉණිම අරඹන,වැරෙන් පහර දෙන සහ කඩුල්ල පිටුපස දක්ෂතා සහිත ඇය ගැන මේ වසරේ මාර්තු 16 තැබූ LNW සටහනෙන් ඉඟි කෙරූ පරිදිම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජාතික සංචිතයට කෞශනී නෘත්‍යාංජනා සේරම් සෙනවිරත්න කැදවා තිබෙනවා.

ඇය ගැන බොහෝ කතාවලට මුල වුණේ නුගේගොඩ අනුලාව වෙනුවෙන් පාසල් ක්‍රිකට් තරගයක ඇය ලැබූ ත්‍රිත්ව ශතකයයි.ඒ ත්‍රිත්ව ශතකය පිටුපස සිටි මඟ පෙන්වන්නන් මෙන්ම ඒ වන විටත් ඒස් කැපිටල් කණ්ඩායම සිය පළමු පෙළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඇය වෙනුවෙන් වෙන් කර තිබෙන ඉඩත් සැළකිල්ලට ගෙන ඒ ත්‍රිත්ව ශතකය නිකං වැනිල්ලක් නොවන බව අපට හැඟී ගියා. (https://sinhala.lankanewsweb.net/03/16/10395/)

ඇය කණ්ඩායමට කැඳවා ඇත්තේ කඩුලු රකින්නී අනූෂා සංජීවනීගේ සහය කඩුලු රකින්නිය ලෙසයි. නමුත් විශ්මි ගුණරත්න ආබාධයකට ලක් වි සිටීම නිසා චමරි සමඟ ඉණිම ඇරඹිමේ හැකියාවත් කෞශනී ට තිබෙන බැවින් ඇය මේ තරගාවලියේ බංකුවට සීමා නොකර අත්හදා බලන්නට හෂාන් තිලකරත්න කටයුතු කරන බව විශ්වාස කළ හැකිය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලියේ දී අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය ක්‍රීඩිකාවන් තිදෙනෙක්ම එළියෙන් තබා ඇත. ඒ අතර ආබාධයකට ගොදුරුව සිටින විශ්මි හැරෙන්නට ප්‍රවීන ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් වන අමා කාංචනා සහ උදේශිකා ප්‍රබෝධනී ද වෙති. ඒ වෙනුවට කණ්ඩායමට පැමිණි තිදෙනාගෙන් අයෙක් කෞශනී වන අතර සෙසු දෙදෙනා තාරිකා සෙව්වන්දි සහ මධුශිකා මෙත්තානන්ද ය. දෙදෙනාම නවකයන් නොවන අතර තාරිකා මේ වසර මුලදී ද,මධුශිකා 2019 වසරේ ද ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

මේ කණ්ඩායමේ සිටින ජ්‍යෙස්ඨතම ක්‍රිඩීකාවන් දෙදෙනා ඉනෝකා රණවීර සහ ඕෂධි රණසිංහය.දෙදෙනාම සිය ජීවිතයේ 36 වන අවුරුද්ද පසු කරමින් සිටින්නෝය. දෙදෙනාම තවමත් දක්ෂතා අතර සිටිය ද, ඔවුන් දෙදෙනා සමඟ ක්‍රීඩා කර අත්දැකිම් උකහා ගත හැකි පරිදි අලුත් දඟ පන්දු යවන්නියන් කෙරෙහි අවධානය යොමු විය යුතුය. කවීශා දිල්හාරී දැනටත් හොඳ ආයෝජනයක් බව පැහැදිළි කරමින් සිටින අතර ඇය පිතිකාරිණියක ලෙස ද කැපී පෙනෙන්නීය. එසේම මෙවර 20/20 වරම් දිනා ගනු ඇතැයි සිතිය හැකි රශ්මි සිල්වා ද ඉනෝකාගේ සහ ඕෂධීගේ සෙවණේ අත්දැකීම් ලැබිය යුතු ක්‍රිඩිකාවකි.

නිලක්ෂි සිල්වා ඉණිම ගොඩනැඟීමේ විශාල හැකියාවක් ඇත්තියක සේ පසුගිය තරග කිහිපයකම මැද පෙළ ශක්තිමත් කළාය. ඇය මෙන්ම කඩුලු රකින්නිය අනුෂ්කා සංජීවනී සහ කවීශා දිල්හාරි ද ඉවසීමෙන් ක්‍රීඩා කරන්නේනම් සහ සමස්ත කණ්ඩායම ම වේගවත්ව කඩුලු අතර දුවමින්, එකතු කරන කෙටි ලකුණු ප්‍රමාණය වර්ධනය කර ගන්නේනම් ශ්‍රී ලංකාවට මේ තරගාවලියේ හොඳ සටනක් දීම අපහසු නැත. ඉන්දියාව එංගලන්ත තරගාවලියේ දක්වන දක්ෂතා එංගලන්ත තණතීරුවල ය. නමුත් ඊට වඩා වෙනස් වටි පිටාවක දඟ පන්දු යවන්නන්ට සුදුසු පොළවක ශ්‍රී ලංකාවට තරගය වෙනස් කිරීමට ඇති ඉඩට ලකුණු යනු හයේ සහ හතරේ පහර පමණක්ය යන්න නොවන බව විශ්වාස කළ යුතුය.

හසිනි පෙරේරා සහ හසිතා සමරවික්‍රම ද ලකුණු අතර සිටින බැවින් ඒ අතරට කෞෂනී ද කැඳවා පිතකරු බල ඇණිය ශක්තිමත් කර ගන්නේනම් ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් වෙනත් දිශාන්තියකට හරවන තරගාවලියක් කර ගන්නට බැරි නැත. එය තරගාවලියේ පළමු ප්‍රතිවාදිණිය වන ඉන්දියාවට එරෙහිවම පටන් ගන්නට සිතා ගතහොත් ගමන සුබ වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...

සිවුවන දිනටත් ඉරාන-ඊශ්‍රායල් ගැටුම අඛණ්ඩවම; ඊශ්‍රායලය ටෙහෙරානයේ ගුවන් අවකාශය අත්පත් කරගනියි

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය හා ඉරානය...

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනපති අතර හමුවක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

මාලිමාවට තවත් ජයග්‍රහණ තුනක්!

රෂිකා හෙන්නායක ජූනි 16, කොළඹ LNW : අද (16)...