රාජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවර ජනපති ජපන් යයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ නිළ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. වික්‍රමසිංහ මහතා අද අළුයම 12.50 ට පමණ කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව ගිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජනාධිපතිවරයා ලබන 28 වැනිදා දක්වා ජපානයේ රැඳී සිටින අතර හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවය සඳහා ඔහු සහභාගි වනු ඇත. ඉන් අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයාද හමුවීමට නියමිතය.

ඔක්තෝබර් 28 වැනිදා වික්‍රමසිංහ මහතා ජපානයේ සිට පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය. ඒ, ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල සමුළුවට සහභාගිවීම සඳහායි. මෙවර සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙනු ඇත.

වික්‍රමසිංහ මහතා සමුළුවෙන් අනතුරුව පිලිපීන ජනාධිපතිවරයා මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාද හමුවීමට නියමිතය.

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන් වෙත පවරා තිබෙනවා. ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාත් පත්කර තිබෙනවා. මීට අමතරව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පත්කර තිබෙනවා. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස කටයුත කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...