එල්නිනෝ හේතුවෙන් විදුලි සැපයුමට බලපෑමක් වෙයිද?

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාස තුළ විදුලිය උත්පාදනයට යම් බලපෑමක් එල්ල විය හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ඒ අනුව අමාත්‍යවරයා පැවසුවේ බැටරි බලශක්තිය භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට කටයුතු කරන බවයි.

පළමු අදියර යටතේ ඇති මෙගා වොට් 160ක් ජාතික පද්ධතියට ඇතුළත් කිරීමේ ව්‍යාපෘතිය දෙසැම්බර් මාසයට පෙර සිදු කිරීමට නියමිත අතර එම පද්ධතිය හරහා සැප්තම්බර් මාසයේදී මෙගා වොට් 130ක් සහ ඔක්තෝබර් මාසයේදී මෙගාවොට් 10ක් ලබාගැනීමට සැලැසුම් කර ඇත.

එමෙන්ම පෞද්ගලික අංශය විසින් ඉදිකිරීම් කරනු ලබන මන්නාරම සුළං බලාගාරය සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳගැනීමට හැකි වූවහොත් තවත් මෙගා වොට් 50ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට ඇතුළත් කරගැනීමට හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරන අතර බැටරි පද්ධතිය හරහා මෙගා වොට් 250ක් සහ 150ක් ජාතික පද්ධතියට එකතු කරගැනීමෙන් එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙමින් විදුලිය උත්පාදන කිරීමට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...