සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරගත කර සිටින පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීම හේතුවෙන් බන්ධනාගාරයෙන් රෝහලකට මාරු කරන ලෙස පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඛාන් දැනට රාවල්පින්ඩිහි Adiala බන්ධනාගාරයේ රඳවා සිටින අතර, ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හි Shifa International Hospital වෙත මාරු කිරීමට නියමිතය.
වාර්තා අනුව ඔහුට අධි රුධිර පීඩනය, හෘද ස්පන්දනයේ අසාමාන්‍යතා, කනස්සල්ල සහ හිසරදය ඇතුලු රෝග ලක්ෂණ ඇති බව වාර්තාවල සඳහන් අධිකරණ නියෝගයට අනුව ඔහු එහි සැප්තැම්බර් 16 දක්වා ප්‍රතිකාර හා වෛද්‍ය පරීක්ෂණ සඳහා රැඳී සිටිනු ඇත.
මෙම නියෝගය පැමිණ ඇත්තේ ඛාන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ Pakistan Tehreek-e-Insaf (PTI) පක්ෂය ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නැවත නැවතත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ශ්‍රේෂ්ඨාධිකරණය ඛාන්ගේ ප්‍රතිකාරය අධීක්ෂණය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සහ ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ඇතුළත් වෛද්‍ය මණ්ඩලයක් සම්බන්ධ කිරීමටද නියම කර ඇති අතර ඔහුගේ දකුණු ඇසෙහි පෙනීම සැලකිය යුතු ලෙස අඩුවීම පිළිබඳවද ඔහුගේ පවුල සහ නීතිඥයන් මීට පෙර කනස්සල්ල පළ කර තිබුණි.
ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටින අතර, ඔහුට එරෙහිව නඩු 100කට වැඩි සංඛ්‍යාවක් පවතින බව Reuters වාර්තා කරයි. ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් මෙම නඩු බොහොමයක් දේශපාලනික අරමුණු මත ගෙන යන බව පවසන අතර, බලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

