රෂිකා හෙන්නායක අගෝස්තු 18 , කොළඹ LNW :
ශ්‍රී ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සෙනරත්න මහතා අද (18) දින දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම වුවද, අදාළ කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මීට අමතරව අධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පියවර ගෙන ඇත. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මොහු, රජයේ නිලධාරීන්ට අයුතු බලපෑම් කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් මෙලෙස නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දී සිටී.
ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ 2010 සහ 2012 කාලසීමාව තුළ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව මත්ස්‍ය අලෙවිසැල් ඉදිකිරීම් සඳහා පෞද්ගලික ආයතන වෙත අනුමැතිය ලබාදීමයි.


