ශ්‍රී ලංකාවේ මීළඟ ‘ආර්ථික යුද්ධය’ගැන හිටපු ජනපති රනිල්ගෙන් අනාවැකි..

රෂිකා හෙන්නායක අගෝස්තු 18 , කොළඹ LNW :

ඉකුත් දා හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුධ දෙකකට උර දී” යන ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලට එක්වෙමින් හිටපු ජනාධිපති ටනි වික්‍රමසිංහ මහතා මතු කළ ප්‍රශ්නය දේශපාලන අධිකාරියට එල්ල කළ සෘජු අභියෝගයකි.

“2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි. IMF එක්ක එකතු වෙලා යනවාද නැතිව යනවාද?, ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද ?” “මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් පනින්න බැරිනම් අපි හරි කරදරයක ඉන්නේ…”

මෙම ‘තුන්වැනි යුද්ධය’ හෙවත් මූල්‍ය ස්වාධිපත්‍යය සුරැකීමේ සටනින් පරාජය වුවහොත්, අප නැවතත් ඇද වැටෙන්නේ 2022 වසරේ අත්විඳි අඳුරු යුගයටත් වඩා දරුණු අගාධයකට යැයි හිටපු ජනාධිපති ටනි වික්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කියා සිටියේ,

“අපි යනකොට උද්ධමනය පාලනය කරලා රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ක් අපි ඉතුරු කරලා ගියේ. මේ ගමන මෙතනින් අවසන් වෙලා නෑ. 2028න් පසුව අපිට ණය ගෙවන්න තිබෙනවා. 2028න් පසුව ණය ගෙවන්න නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියෙයි කියලා. දැනට තියෙන්නේ 6යි. ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා අද ඉඳන්. මහ බැංකුව කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8ක් තියෙයි කියලා. තව 6ක් හොයන්න තියෙනවා ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.  

තව කොන්දේසියකට අපි එකඟ වෙලා තිබෙනවා ඒක ගෙවන ගමන් බැඳුම්කර කියනවා ඩොලර් බිලියන 3කට. 2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි. IMF එක්ක එකතු වෙලා යනවාද නැතිව යනවාද ?, ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද ? 

මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අපි කොහොමද ආයේ ණය ගෙවන්නේ කියන එක. ව්‍යවස්ථා සංශෝධනය කරලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාද නැද්ද කියන එක නෙමෙයි අපේ අවධානය මෙතනට යොමු විය යුතුයි. තාම පාර්ලිමේන්තුව ඇතුළේ වත් පාර්ලිමේන්තුව පිටවත් මේ ගැන කතා කරලා නෑ. ප්‍රශ්නය ආවම අපි මොකක්ද කරන්න යන්නේ අපිට ගෙවන්න බැරිනම් ආපහු අපි බංකොළොත් වෙනවා. මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ තුන්වැනි යුද්ධය ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමත් නෑ අපිත් නෑ. මතක තියාගන්න මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් පනින්න බැරිනම් අපි හරි කරදරයක ඉන්නේ කියලා කියන්න වෙනවා. මම ඉතිං ගෙනත් තියෙන්නේ සුබ ආරංචි නෙමෙයි.. කොහොම හරි මම හැමවෙලේම ගේන්නේ අසුබ ආරංචි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...