පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් කළ අයෙකුට වැඩ වරදී…

රෂිකා හෙන්නායක අගෝස්තු 19 , කොළඹ LNW :

පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව අනාවරණය වේ.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම 46 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ තහවුරු නොකළ කරුණු සමාජගත කිරීමේ චෝදනාව මතය.

අදාළ පුද්ගලයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සහ පොලිස් ආඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ මඟින් ඇතිවිය හැකි ජාතික ආරක්ෂාවට අදාළ ගැටලු සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් දක්වන දැඩි අවධානය මෙහිදී පැහැදිලි වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...

ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...