සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (19) රාත්‍රී වීරසංචාරය කිරීමට නියමිත අතර රාත්‍රී 06.41 ට උතුරු දිශාභිමුඛව පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමඟින් පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ
ගමන් කොට රජ වීදියෙන් ඉහළටවිත් ගෙවදීම සිදුවනු ඇති.

පළමු කුඹල් පෙරහර ඊයේ රාත්‍රී වීදි සංචාරය කළ අතර එහිදී සධාතුව පෙරහැර කරඬුව වැඩම කරන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා
ඇතු විසිනි.

කෝට්ටේ රජ මහා විහාරයට අයත් කෝටි රාජා සහ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් මියන්රාජා ඇතුන් දෑලේ ගමන් ගත්හ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පළමු කුඹල් පෙරහරෙහි ගමන් ගත් අතර පෙරහර නැරඹීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගීව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2021 ගෝඨාගේ කාබනික පොහොර තහනම: ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...