සුරාබදු අද නෙවෙයි හෙට ??

සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වනවිට පවතින අකාර්යක්ෂමතා සහ නිලධාරීන්ගේ රාජකාරි පැහැරහැරීම් හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සිල්ලර අලෙවිකරුවන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.

කිසියම් කාර්යයක් ඉටුකරගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට ගියවිට අදාළ නිලධාරීන් එහි නොසිටීමත් ඔවුන් ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ සහ වෙනත් ආයතනවල විශේෂ සාකච්ඡා සඳහා යාමට ඇති බව පවසමින් වැඩ කල්දැමීමත් නිසා තමන්ට විශාල වශයෙන් නිකරුණේ රස්තියාදු වීමට සිදුවන බවයි මත්පැන් නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් සඳහන් කරන්නේ.

දිගින් දිගටම මේ ආකාරයෙන් සිද්ධීන් වුවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ද මේ තත්වයට පිළියම් යෙදීමට කටයුතු නොකරන තත්වයක් ද උද්ගතව ඇති බවත් සඳහන්.

පවතින දුෂ්කරතා හමුවේ ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් රටහැර යන තැනට පවා පත්වෙමින් සිටින බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...