22 ට එරෙහිව විපක්ෂයෙන් යෝධ පාගමනක් !

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම උදෙසා රජය විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අතිදැවැන්ත මහජන විරෝධතා පාගමනක් සංවිධානය කිරීමට විපක්ෂය පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක සිට කොළඹ දක්වා මෙම විරෝධතා පාගමන් කැඳවීමටත් කොළඹදී අතිදැවැන්ත මහජන රැළියක් පැවැත්වීමටත් සැලසුම් කර ඇති බව සඳහන්.

මේ අනුව 100,000 ක ජනකායක් කොළඹට රැගෙන ඒමට බලාපොරොත්තු වන බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ඉතාම නුදුරේදීම මෙම අති දැවැන්ත මහජන විරෝධතාව ක්‍රියාත්මක කිරීමට ද විපක්ෂය තීරණය කර ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ගුවන් තොටුපළවලට දැඩි ප්‍රහාර; තිදෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: යේමනයේ හූති...

චන්දන සූරියආරච්චි අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අතුරුගිරිය පොලිසිය විසින්...

හිටපු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට ඇමෙරිකාව මේ සතියේ තවත් චෝදනා ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: මේ වන...

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...