මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රන් ආකරයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බටහිර ප්‍රදේශයේ රන් ආකරයක් නායයෑමක් හේතුවෙන් කඩා වැටීමෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් තිබේ.

කැමරූන් දේශසීමාව ආසන්නයේ Zamboye ප්‍රදේශයේ පිහිටි මෙම කුඩා පරිමාණ රන් ආකරයේ සිදුවූ අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, කිහිපදෙනෙකු තවමත් සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වේ.

ආකරයේ භූගත උමං කිහිපයක් කඩා වැටීමත් සමඟ නායයෑම සිදුව ඇති බවට බලධාරීන් සැක පළ කර ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ප්‍රාදේශීය නිලධාරීන් පවසයි.

මෙවැනි අනතුරු මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බහුලව සිදුවන අතර, නිසි ආරක්ෂක පහසුකම් නොමැතිව සිදුකරන අනියම් කුඩා පරිමාණ පතල් කර්මාන්තය ඊට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චන්දන සූරියආරච්චි අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අතුරුගිරිය පොලිසිය විසින්...

හිටපු වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට ඇමෙරිකාව මේ සතියේ තවත් චෝදනා ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 08: මේ වන...

පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : දිවයින පුරා පස්වරු...

ශිරන්තිට විශේෂ ආරක්ෂාවක්:පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමටත් අවසර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...