මාධ්‍යවේදී එක්නැළිගොඩ විශේෂ මහාධිකරණයේ නඩුව:පූර්ණ ආරක්ෂාව මැද නඩුවේ විශේෂ සාක්ෂිකරු කැඳවයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව අද (20) කොළඹ විජේරාමේ පිහිටුවා තිබෙන විශේෂ මහාධිකරණයේ කැඳවනු ලැබීය.

අද දින එම නඩුවේ විශේෂිතම සාක්ෂිය වන 4 වෙනි සක්ෂිකරුගෙන් නැවත සාක්ෂි විමසීමට නියමිතව තිබුණු අතර ඔහු විශේෂ කාර්ය බලකායේ පූර්ණ ආරක්ෂාව යටතේ අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුණි.

මෙම නඩුවේ 4 වෙනි සක්ෂිකරුගෙන් මීට ඉහතදී සාක්ෂි විමසා තිබුණු අතර පසුව ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ට කළ බලපෑමට අනුව සාක්ෂි ලබා දුන් බවයි.

එම සාක්ෂිකරුට මීට පෙර එල්ල වී තිබුණු විවිධ බලපෑම් සහ තර්ජන හේතුවෙන් ඔහු මුලින් ලබාදී තිබූ සාක්ෂිය වෙනස් කිරීමට සිදුව තිබූ අතර ඒ පිළිබඳව දැනටමත් ත්‍රිකුණාමලය අධිකරණය තුළ වෙනම නඩුවක් විභාග වෙමින් පවතී.

ඒ අනුව එම විමර්ශනවල පවතින ප්‍රගතිය සලකා බලා අදාළ සාක්ෂිය නැවත ලබා ගැනීමට අධිකරණයේ අවධානය යොමු විය.

එහෙත් මෙම නඩුවේ විත්තිය විසින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ 4 වෙනි සක්ෂිකරුගෙන් නැවත සාක්ෂි විමසීම කළ යුතු නැති බවටයි.

කෙසේවෙතත් විත්තිය විසින් 4 වෙනි සාක්ෂිකරුගෙන් සාක්ෂි ලබා නොගන්නා ලෙස කර තිබුණු කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් විශේෂ මහාධිකරණය විසින් එම සාක්ෂිය විමසීමට අවසර දුන් අතර එය අභියෝගයට ලක්කරමින් අද දිනම විත්තිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ හේතුවෙන් එම විශේෂ සාක්ෂිය විමසීමට විශේෂ මහාධිකරණයට අද හැකියාවක් නොලැබුණ අතර යළි නඩුව සැප්තැම්බර් 04 වැනි දිනට කල්තබන ලදී.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියද අධිකරණයට පැමිණ සිටියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...