පාර්ලිමේන්තුව පෙරළන්න තව අත්සන් 10 යි අඩු – මරික්කාර්

Date:

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ඇමති ධුර වෙන්දේසි කර අටවාගෙන ඇති ආණ්ඩුවට හෝ කිසිදු ජනමතයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. අවම වශයෙන් නගර සභා, ප්‍රාදේශීය සභාවලට හෝ ජනබලයක් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මේ නිසා සැබෑ ජනමතය නියෝජනය වන ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගත යුතු බවත්, ඒ සඳහා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවත් කැස්බෑම සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩලය අමතමින් මරික්කාර් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂයට ලැබිය යුතු බවත්, ඒ අනුව තවත් මන්ත්‍රී ධුර 10 ක් වෙනස් වුවහොත් ජනාධිපතිවරයාට අකමැත්තෙන් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පවසනවා. දැනට සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රීලනිප ඉතිරි කණ්ඩාය, පොදුජන පෙරමුණෙන් විපක්ෂයට පැමිණි කණ්ඩායම් එක්ව විපක්ෂය සතුව මන්ත්‍රී ධුර 103 ක් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරුන් 10 ක් විපක්ෂයට එකතු වුවහොත් පාර්ලිමේන්තුව ඉබේම විසුරුවා හැරෙන බව මරික්කාර් මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදිවාසි ජනතාව දළදා වහන්සේ උදෙසා කළ මී පැණි පූජාව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: අද (04) දින ...

අසාධ්‍ය තත්ත්වයේ පසුවන කණ්ඩලමේ හැඩකාරයා ඔබට ඉක්මන් සුව!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක්...

අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 04, කොළඹ LNW: අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිස්...

Empire Teas සිය 25 වන සංවත්සරයේදී ගෝලීයව්‍යාපාර සහකරුවන් මෙරටට රොද බඳියි

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක්...