රෂිකා හෙන්නායක අගෝස්තු 21 , කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙයි.
ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී මෙරට උද්ධමනය ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙයි.
ඒ අනුව පෙර මාසයේ පැවති 6.5% ක අනුපාතය ජූලි මාසය වන විට 7.2% දක්වා වර්ධනය වී තිබේ. විශේෂයෙන්ම ආහාර කාණ්ඩයේ මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එය 3.3% සිට 4.9% දක්වා ඉහළ යාමක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.3% සිට 9.2% දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව සඳහන් වේ.


