නන්දක්කෙ

ඔය හඬයි සන්‍තානෙ ගොඩනැගුවෙ ගෙන්දගං තාරුණ්‍යෙ
කොහොමටත් අචින්‍ත්‍යයි හඳ එළිය ප්‍රේමයේ ආරණ්‍යෙ.

සන්සුන් ම දුමාරය කොළඹ අහසින් ඈත දුර ඇදේ
දෙව්ලොව වලාකුළෙක සුනිලුන් කියූ ලෙස ම ඔබ රැඳේ

නින්දා ගිහින් හැපී නින්දා කෙරුව උන්ගෙ පපු පෑරෙ
නන්දා සිතින් යන්න බන්දා තොරන් නොමැති සංසාරෙ

සඳ එළිය ගඟක් වී රෑ පුරා ඉහින පිනි පසු පස්සෙ
මඳ පවන එවන්නට පුළුහන් ද මඳහසක දුක ඔස්සෙ

මළගමෙත් චාම්කොම විතරමයි වරනැඟෙන හැටි දැක්කෙ
මේ සුළං කපොල්ලේ සුළඟ විතරයි නැත්තෙ නන්දක්කෙ.

~ මංජුල වෙඩිවර්ධන
2026 අගෝස්තු 21

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ෂය රෝග මර්දනයට ඉන්දීය රජයෙන් අතහිත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : රුපියල් මිලියන 52...

දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව ඔක්. 15 දින යළි කැඳවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

හිටපු ඇමති බෝගොල්ලාගමත් අත්අඩංගුවේ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් හෝ දුෂණ චෝදනා...

CAA අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : පලතුරු ඉදවුම් කිරීමේ...