එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77වන සැසිවාරය අතරතුර ඉන්දියාවේ නිදහසින් 75වන වසර සැමරීමට විශේෂ වැඩසටහනක්

Date:

ඉන්දියාවේ නිදහසේ අභිමානවත් 75 වන වසර සැමරීම සඳහා වන විශේෂ වැඩසටහනක් 2022 සැප්තැම්බර් 24 වන දින නිව් යෝක් හි එක්සත් ජාතීන්ගේ 77වන සැසිවාරය අතරතුර දී පැවැත්විණ. “India@75 – ඉන්දියාව – UN අතර සහයෝගීතාවය” යන තේමාව යටතේ පැවති මෙම උත්සවයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති චබා කොරෝසි මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් අමිනා ජේ. මොහොමඩ් මහත්මිය සහ ආර්මේනියාව, ඇන්ටිගුවා සහ බාබියුඩා, සයිප්‍රස්, ගැම්බියාව, ගයනාව, ජැමෙයිකාව, මාලදිවයින, ටැන්සානියාව, ටිමෝර් – ලෙස්තේ සහ යෙමනය යන රටවල විදේශ අමාත්‍යවරුන් මේ සඳහා සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් සහ ප්‍රංශයේ විදේශ අමාත්‍යතුමා විසින් මෙම අවස්ථාව සඳහා විශේෂ පණිවිඩයන් ඉදිරිපත් කර තිබිණ.

2.   මෙම අවස්ථාව අමතමින් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා නිදහසින් පසුව ගෙවී ගිය 75 වසරක කාලය තුළ ලොව දිළිඳුතම රාජ්‍යයක සිට ලොව පස්වෙනුවට විශාලතම රාජ්‍යය දක්වා ඉන්දියාව පැමිණි ශක්තිමත් ගමන පිළිබඳව අදහස් දැක්වීය. ඉන්දියාවේ සංවර්ධනයෙහිලා තාක්ෂණයේ භූමිකාව අවධාරණය කරමින් විදේශ කටයුතු අමාත්‍යතුමා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ආහාර සුරක්ෂිතතා ජාලය ඉන්දියානුවන් මිලියන 800ක් දක්වා ඉහළ නැංවූ බව ප්‍රකාශ කළේය. තාක්ෂණික ශක්තිය උපයෝගී කරගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන 300කට අධික ප්‍රතිලාභ බෙදා දී ඇති අතර බිලියන 2කට අධික එන්නත් ප්‍රමාණයක් ලබා දී ඇත.

3.   ඉන්දියාවේ වර්ධනය සෙසු ලෝකය හා අවියෝජනීයව සම්බන්ධ වී තිබෙන බව අවධාරණය කළ එතුමා ඉන්දියා – UN සංවර්ධන සහයෝගීතා අරමුදල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පළමු ඒක රාජ්‍ය දකුණ – දකුණ වැඩසටහන බව ද ඒ හරහා මේ වන විට රටවල් 51ක සංවර්ධන ව්‍යාපෘතීන් 66ක් ක්‍රියාත්මක වන බව ද පැවසීය. ඉන්දියාව කොවිඩ්-19 වසංගත සමයේදී අප්‍රිකාව, කැරිබියන්, ලතින් ඇමරිකාව සහ අසල්වැසි රාජ්‍යයන්ට එන්නත් ලබාදෙමින් එම අවශ්‍යතාවයට පළමුව ප්‍රතිචාර දැක්වීය. තම රටවල් කොවිඩ් -19 එන්නත් ලබාදීම සඳහා ඉන්දියාවේ ගෝලීය ප්‍රයත්නය වූ “වැක්සින් මෛත්‍රී” වැසටහනේ සෘජු ප්‍රතිලාභීන් වූ බව පැමිණ සිටි ඇතැම් නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

4.   එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඉන්දියාවේ සම්බන්ධතාවය පිළිබඳ අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යතුමා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඉන්දියාවේ සබඳතාවය ද 75 වසරක සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වූ බවයි. මෙම සහයෝගීතාවයේ බහු විධ ස්වාභාවය සාම සාධක හමුදාවන් තුළින් සැලකිය යුතු ලෙස පිළිඹිබු වන අතර ඉන්දියාව මේ සඳහා ලක්ෂ 2.5කට වැඩි සාමාජිකයන් පිරිසක් ලබා දී ඇත. මේ අනුව ඉන්දියාව සාම සාධක හමුදාව සඳහා වැඩිම දායකත්වය ලබා දී ඇති රට වේ. දේශගුණික විපර්යාසයන් සම්බන්ධයෙන් වන ගෝලීය ක්‍රියාමාර්ගයන් පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යතුමා සඳහන් කළේ දැනට සාමාජික රටවල් 100කට වැඩි ප්‍රමාණයක් සහිත ජාත්‍යන්තර සූර්යබල සන්ධානය 2015 වසරේදී ඉන්දියාව සහ ප්‍රංශය එක්ව පිහිටවූ බව යි. ඉන්දියාව ආපදා ප්‍රත්‍යාස්ථ යටිතල පහසුකම් සඳහා වන සන්ධානයේ ද ආරම්භක සාමාජිකයකු වේ. සංවර්ධනය පොදු භාණ්ඩයක් ලෙස විස්තර කළ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉන්දියාව ලොවට දීප්තිමත් අනාගතයක් සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිය සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට කැපවී සිටින බව අවධාරණය කළේය.

***


කොළඹ

2022 සැප්තැම්බර් 27

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...