බලයෙන් පහ කළැයි කී චීන ජනාධිපති යළිත් ප්‍රසිද්ධියේ පෙනී සිටී

හමුදා කුමන්ත්‍රණයක් මගින් චීන ජනාධිපති ෂී ජින් පින් බලයෙන් පහකර ඇති බවට පසුගිය දිනවලදී සමාජ ජාලා මාධ්‍ය හරහා විවිධ පුවත් පළවිය. ජනාධිපතිවරයා නිවාස අඩස්සියට පත්කර ඇති බවත්, හමුදා නායකයෙකු මීලඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වී තිබිණි.

මෙම සියලු පුවත් නිර්මාණය වූයේ චීන රජයේ උදහසට ලක්වීම හේතුවෙන් රටින් පළාගොස් ඇමරිකාවේ ජීවත් වන චීන මාධ්‍යවේදියෙකු සිය ට්විටර් ගිණුම ඔස්සේ පළකළ තොරතරු පාදක කර ගනිමිනි.

මෙම තොරතුරු අසත්‍ය බව ප්‍රකාශ කළ පාර්ශ්ව පෙන්වා දුන්නේ චීන ජනාධිපතිවරයා විදෙස් සංචාරයකින් අනතුරුව නැවත සියරට පැමිණි තමාගේ නිරෝධායන කාලසීමාව ගත කරමින් සිටින බවයි. ඔහු දින කිහිපයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය වී ඇති බවද ඔවුන් පෙන්වා දී තිබුණා.

බලයෙන් පහ කළා යැයි අසත්‍ය පුවත් වාර්තා වූ ජනාධිපති ෂී ජින් පින් බීජිං අගනුවර මහජන ප්‍රදර්ශනයක් විවෘත කිරීම සඳහා එක්ව තිබෙනවා. පසුගිය දිනවලදී පළ වූ අසත්‍ය පුවත් හේතුවෙන්, ජනාධිපතිවරයා යළිත් ජනතාව අතර පෙනී සිටීම ජාත්‍යන්තර මාධ්‍යවල වැඩි ඉඩක් හිමි වූ පුවතක් බවට පත්ව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...