ඇමරිකානු භාණ්ඩ 700කට වැඩි ප්‍රමාණයකට කැනඩාව නව බදු පනවයි

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) අගෝස්තු 26දින :
ඇමරිකාව සමඟ පැවති වෙළඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ ඇමරිකානු භාණ්ඩ සඳහා කැනඩාව ප්‍රතිබදු පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ 700කට වැඩි ප්‍රමාණයක් සඳහා නව ප්‍රතිබදු පනවා ඇති අතර වාර්තා වන පරිදි, මෙම ප්‍රතිබදු යටතට ඇමරිකානු භාණ්ඩවල ඇමරිකානු ඩොලර් බිලියන 19.9ක් පමණ වටිනා ආනයන ඇතුළත් වේ.

නව බදු ක්‍රියාමාර්ග සැප්තැම්බර් 8 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර මේත් සමඟ කැනඩාව සහ ඇමරිකාව අතර පවතින වෙළඳ ආරවුල පසුගිය කාලය තුළ වඩාත් උණුසුම් වී තිබේ. දෙරටම තම දේශීය කර්මාන්ත ආරක්ෂා කරගැනීම සහ වෙළඳ අසමතුලිතතා අවම කිරීම සඳහා විවිධ බදු සහ වෙළඳ සීමා ක්‍රියාමාර්ග ගෙන තිබේ.

නව කැනේඩියානු ප්‍රතිබදු හේතුවෙන් ඇමරිකානු අපනයනකරුවන්ට අමතර පිරිවැයක් දැරීමට සිදුවිය හැකි අතර, දෙරට අතර වෙළඳ සබඳතා කෙරෙහිද එය බලපෑමක් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම තත්ත්වය ඉදිරියේදී දෙරට අතර වෙළඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට හෝ තවත් ප්‍රතිචාරාත්මක ක්‍රියාමාර්ග ගැනීමට හේතු වේද යන්න පිළිබඳව අවධානය යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...