ගිනිගත් කජීමාවත්තේ නවතම තත්ත්වය! (VIDEO)

ඊයේ රාත්‍රියේ ගිනි ගැනීමට ලක් වූ ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්තේ පැල්පත් නිවාස 80ක් පමණ විනාශ වී තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය,යුද හමුදාව සහ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පවත්වා තිබුණු අතර එම ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නැහැ.

මෙම ගින්න හේතුවෙන් අවතැන් වී සිටින පුද්ගලයින්ට කැළණි නදී විහාරය සහ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවේ තාවකාලික නවාතැන් පහසුකම් ලබා දී තිබෙනවා.

එමෙන්ම ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ද ලබාදී තිබුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...