ඇමෙරිකාව–ඉරාන ගැටුම උණුසුම් වෙයි: තෙල් නෞකා ඉලක්ක කර ප්‍රතිප්‍රහාර හුවමාරුවක්

සටහන : සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 06 :
ඇමෙරිකාව සහ ඉරානය අතර නැවත උත්සන්න වී ඇති ගැටුම තවදුරටත් දැඩි වෙමින්, දෙපාර්ශ්වයම මුහුදේ නෞකා ඉලක්ක කරගනිමින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ.

ඇමෙරිකානු හමුදාව පවසන්නේ ඉරානයට සම්බන්ධ තෙල් නෞකා තුනකට ප්‍රහාර එල්ල කළ බවයි. ඉන් නෞකා දෙකක් සම්පූර්ණයෙන්ම අක්‍රිය කළ බවත්, තෙවැන්න ගල්ෆ් ඔෆ් ඕමාන් ප්‍රදේශයේදී සම්පූර්ණයෙන් විනාශ කළ බවත් CENTCOM සඳහන් කර ඇත.

ඊට ප්‍රතිචාර ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඇමෙරිකාවට සම්බන්ධ නෞකා තුනකට මෙන්ම හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ තෙල් නෞකා තුනකටද ප්‍රහාර එල්ල කර ඇති අතර මෙම ගැටුම් සමඟ ගෝලීය තෙල් සැපයුම සහ තෙල් මිල පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...