“අපි මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහෙම තමයි මේ කළු රාජ්‍ය බිඳින්න ඕනේ”: ජනපති අනුර !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06, කොළඹ LNW :

බුලත්සිංහල ප්‍රදේශයේ අද දින (06) පැවැති ජන හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු ලෙසකින් ආපසු නොහරවන බවත්, අධිකරණ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවේදී සම්මත කරන බවයි.

දූෂිතයන්ට දඬුවම් කිරීම සහ පවතින අහිතකර පාලන ක්‍රමවේද බිඳ දැමීම සඳහා මෙම සංශෝධන අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.

එසේම, විපක්ෂයේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජාතික මැතිවරණ නියමිත පරිදි පවත්වන බවත්, ජනමත විචාරණයක් හරහා ඡන්දය කල් දැමීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පවසා ඇත.

නීතිමය බාධා ඉවත් වූ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවට ද ජනාධිපතිවරයා මෙහිදී සහතික වී තිබේ.

ජනතා මතයට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට තම රජය සූදානම් බව මෙමගින් පැහැදිලි කෙරේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූවේ,

“සමහර අය කියනවා, අපි ලෑස්ති වෙන්නේ ජනාධිපති ඡන්දය කල් දාන්නලු. ජනමත විචාරණයක් තියෙන්න යනවාලු. දේශපාලන තර්ක ඥානය ගැන කිසිම අදහසක් නැති අය. ජනමත විචාරණයක් අරන් ආවොත්, දෙකට බෙදෙනවා. කළයයි, ලාම්පුවයි. ජනාධිපතිවරණයක් අරන් ආවොත්, හතර පහට බෙදෙනවා. එහෙම තියෙද්දී අපි ජනාධිපතිවරණය ගේනවා ද?

දේශපාලනය ගැන පොඩි විඥානයක් තියෙන අය දන්නවා. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණ ගේන්නේ නැහැ. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණයක් අරන් ආවොත් මොකද වෙන්නේ? ඡන්දය කල් දාන්න එපා. ඡන්දය කල් දාන්න කියලා පෙරමුණු දෙකක් හැදෙනවා. නයි, පොළගු, මුගටි සේරම නගිනවා ඡන්දය කල් දාන්න එපා කියන තැනට. හැබැයි ජනාධිපතිවරයක් ආවොත්, එහෙම එකතු වෙන්න බැහැ. හැමෝම ඔටුන්න බලාගෙන ඉන්නේ. නියමිත පරිදි මහමැතිවරණය ජනාධිපතිවරණය පවත්වනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි ජනතාවට බය වෙන්න ඕනේ ද? අපි ජනතාව ළගට එනවා.”

“අපි නීති සංශෝධන ඇති කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන ඇති කරලා තියෙනවා. අපි බය නැතිව ඉස්සරහට ගේනවා අපි. එතකොට මොනවා වෙන්නේ? කළු නීතියේ රැකවරණයට හිටිය අය බයට පත් වෙනවා. එම්බසී ගාණේ දුවනවා. ලෝකයේ සංවිධානවලට ලියනවා.

මතක තියාගන්න. අපි මේ තීන්දු තීරණ ගන්නේ, ජනතා වෙනුවෙන්.  ගන්න කිසි තීන්දුවක් අපි ආපස්සට හරවන්නේ නැහැ. 22 සංශෝධනය ගැන ඉක්මනින් තීන්දුව ලැබෙයි. මං දැක්කා පත්තරවල 18 වගේ දවසක් වාර්තා කරලා තිබුණා. තීන්දුව ලැබුණට පස්සේ ඒක පාර්ලිමේන්තුවට දාලා ඉක්මනින් සම්මත කරගන්නවා. අපි මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහෙම තමයි මේ කළු රාජ්‍ය බිඳින්න ඕනේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...