රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි වීරසිංහ රාජපක්ෂ සැප්තැම්බර් 12 වනදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රැලියේ වේදිකාවට ගොඩනොවනු ඇති බව වාර්තා වේ.
නාමල්ගේ සහ ලිමිණිගේ විවාහ සංවත්සරය ද සැප්තැම්බර් 12 වෙනිදාට යෙදී ඇති බැවින් ඇය එදින අනුරාධපුරයේ සිද්ධස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර රැලියේ වේදිකාවට ගොඩනොවනු ඇති බවක් මුලින් ප්රකාශ වී තිබුණ ද ඒ මහතා එම වේදිකාවට පැමිණ ජනතාව අමතනු ඇති බවටයි නවතම තොරතුරු වාර්තා වන්නේ.


