අයවැය පර­ත­රයේ ශීඝ්‍ර­ අඩුවීමක් සමඟ රජයේ ආදා­යමේ වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:පසුගිය වසරේ මුල් මාස 07ට සාපේ­ක්ෂව මේ වසරේ මුල් මාස 07 නිමා වන විට අය-වැය පර­ත­රය රුපි­යල් බිලි­යන 109.7 දක්වා ශීඝ්‍ර­යෙන් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු පවසයි.

එමෙන්ම මුල් මාස 07 එනම් ජූලි දක්වා රජයේ ආදා­යම සිය­යට 25.1කින් වර්ධ­නය වී තිබේ.

2025 වසරේ අදාළ කාල­ ප­රි­ච්ඡේ­දය තුළ අය-වැය පර­ත­රය රුපි­යල් බිලි­යන 556.1ක් ලෙස සට­හන්ව තිබුණු අතර අදාළ මාස 07 තුළ රජයේ ආදා­යම සහ අනු­දාන රුපි­යල් බිලි­යන 3,421.3 දක්වා සිය­යට 25.1කින් ඉහළ ගොස් ඇති අතර, සමස්ත විය­දම සහ ශුද්ධ ණය දීම් සිය­යට 7.3කින් ඉහළ ගොස් රුපි­යල් බිලි­යන 3,531.0ක් බවට පත්ව තිබේ.

එමෙන්ම, 2026 මැයි අග වන විට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 30,795.04ක් වන අතර, එයින් දේශීය ණය රුපි­යල් බිලි­යන 18,609.43ක් සහ රුපි­ය­ල්ව­ලින් අගය කරන ලද විදේ­ශීය ණය රුපි­යල් බිලි­යන 12,185.61ක් ලෙස වාර්තා වෙයි.

2026 සැප්තැ­ම්බර් 07 සිට 11 දක්වා කාලය තුළ මැද­පෙ­ර­දිග පව­තින ගැටුම් දීර්ඝ වීම සහ ප්‍රධාන නෞකා මාර්ග­ව­ලට එල්ල වන ප්‍රහාර හමුවේ සැප­යුම් බාධා ඇති­වීමේ අව­දා­නම මත ලෝක වෙ‍ෙළ­ඳ­පොළේ බොර­තෙල් මිල ශීඝ්‍ර­යෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව, සතිය අව­සන් වන විට බ්‍රෙන්ට් (Brent) සහ ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඇති අතර
පෙර සති­යට සාපේ­ක්ෂව බ්‍රෙන්ට් බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 12.00කින්ද, ඩබ්ලිව්.ටී.අයි. බොර­තෙල් බැර­ල­යක මිල අමෙ­රි­කානු ඩොලර් 10.77කින්ද ලෙස ඉහළ ගොස් තිබේ.

විදේ­ශීය අංශයේ ප්‍රග­තිය සලකා බැලී­මේදී, 2026 අගෝස්තු අග වන විට මෙරට නිල සංචිත ප්‍රමා­ණය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 6,905ක් ලෙස තාව­කා­ලි­කව ඇස්ත­මේන්තු කර ඇති අතර මෙයට චීන මහ බැංකුව (PBOC) සමඟ ඇති කර­ගත් විනි­මය හුව­මාරු පහ­සු­ක­මද ඇතුළත් බව සක්වෙයි.

2026 අගෝස්තු මාස­යේදී විදේ­ශ­ගත ශ්‍රමික ප්‍රේෂණ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 748.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර (2025 අගෝස්තු මස එය ඩොලර් මිලි­යන 680.8ක් විය) 2026 සැප්තැ­ම්බර් 11 වන විට අමෙ­රි­කානු ඩොල­ර­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා රුපි­යල වසරේ මේ දක්වා කාලය තුළ සිය­යට 5.7කින් අව­ප්‍ර­මා­ණය වී ඇති බව මහ බැංකුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...