ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයයන් 7ක් දක්වා අඩු කිරීමට සැලැසුම් කර තිබේ.
අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබුණි.
මේ අතර 12 සහ 13 ශ්රේණි සඳහා සමාජ සංහිඳියාව, නීතිය හා ආචාර ධර්ම මොඩියුලර් ඇතුළත් කිරීමටත් සැලසුම් කර ඇති අතර මේ වන විටත් නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක තලයේ පවතී.
ඒ අනුව මෙම වසරේ සිට 1 ශ්රේණිය සඳහා නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කර තිබෙන අතර ලබන වසරේ සිට 6 ශ්රේණියේ සිට නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීමට නියමිතය.
නව අධ්යාපන ප්රතිසංස්කරණ පෙර පාසල් වෙතද හදුන්වා දී තිබෙන අතර 2027 වසරේ සිට පෙර පාසල් තුළ ද එකම අධ්යාපන ක්රමවේදයක් ක්රියාත්මක කිරීමට නියමිතය.
පෙර පාසල් අධ්යාපනය විධිමත් කිරීම සඳහා ජාතික පෙර පාසල් අධ්යාපන ප්රතිපත්තියක් සකස් කර ඇති අතර, පෙර පාසල් ලියාපදිංචි කිරීම, විෂයමාලා හා ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීම ඇතුළු කටයුතු සිදු කෙරෙමින් පවතින බව ද අධ්යාපන ප්රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණය විය.



