ග්‍රීසිය ආසන්නයේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් එක් අයෙකු මියගොස් 25ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 14 :
ග්‍රීසියට අයත් ක්‍රීට් දූපත ආසන්නයේ ගව්නොස් ප්‍රදේශයේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 25 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝට්ටුවේ සිටි අවම වශයෙන් පුද්ගලයන් 51 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති අතර, අතුරුදන්ව සිටින පිරිස සොයා පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

අයහපත් මුහුදු තත්ත්වයන් සහ අනෙකුත් අවදානම් හේතුවෙන් මෙවැනි මුහුදු මාර්ග හරහා යුරෝපයට පැමිණීමට උත්සාහ කරන සංක්‍රමණිකයන්ට ජීවිත අවදානමකට මුහුණ දීමට සිදුවන බවයි බලධාරීන් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...