ළමා අපරාධ චෝදනා ලැබූවන්ට රාජ්‍ය සේවයේ දොර වැහෙයි!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රාජ්‍ය සේවයට ප්‍රවේශ වන, විශේෂයෙන්ම දරුවන් හා සෘජුව සම්බන්ධ වන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයින් ළමා අපරාධවලට චෝදනා නොලැබූ අය බව තහවුරු කෙරෙන සහතිකයක් ලබා ගැනීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් යොමුකිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් පැවසුවේ පොලීසිය හෝ අදාළ නිල ආයතන මගින් මෙම සහතිකය ලබා ගත යුතු අතර දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන් ද තම සේවා කඩයිම් සහ වැටුප් වර්ධක ලබා ගැනීමේදී අදාළ කාලපරාසය තුළ තමන් ළමා අපරාධ සඳහා සම්බන්ධ වී නොමැති බවට වූ මෙම සහතිකය අලුත් කර ලබා දිය යුතු බවයි.

“රාජ්‍ය සේවයට ප්‍රවේශ වෙන, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගැනීමේදී ඒ පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධ චෝදනා නොලද පුද්ගලයන් හැටියට තහවුරු කරගැනීම සඳහා සහතික කරවා ගැනීමේ අවශ්‍යතාවය අපි කැබිනට් පත්‍රිකාවක් මගින් තහවුරු කරගැනීමට කටයුතු කරනවා. ඒක අපි ඒකට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලන්නේ රාජ්‍ය සේවයට ප්‍රවේශ වන අවස්ථාව වන විට ඔවුන් දරුවන් සම්බන්ධව, දරුවන්ට ප්‍රවේශය සහිත රැකියා කරන අය ළමා අපරාධවලට චෝදනා නොලැබූ, නැත්නම් අපරාධකරුවන් ලෙස චෝදනාවක් නොලද අය විය යුතුයි කියන එක. ඒක නිසා ඒ සහතිකකරණය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය තුළ ඉන්න අයත් අඛණ්ඩව ඔවුන්ගේ සේවා කඩයිම්වලදී, ඒ වගේම වැටුප් වර්ධකවලදී ඒ අදාළ කාලපරාසයන් තුළ සහතිකය අලුත් කරගන්න ඕනේ. හේතුව තමයි ඔවුන් ඒ අදාළ කාලපරාසය තුළ ඒ ළමා අපරාධවලට සම්බන්ධ අයවලුන් නෙවෙයි කියන සහතිකය අවශ්‍යයි. ඉතින් මේ වගේ දේවල් අපිට රටක් හැටියට ඉදිරියට යාමේදී අවශ්‍ය වෙනවා.” යනුවෙන් අමාත්‍යවරිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මෙම බව පැවසුවේ ඊයේ (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...