රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW :
ආයතනික රැකවරණයෙන් ඉවත්ව සමාජයට එක්වන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් සඳහා “දිවියට සවියක්” වැඩසටහන යටතේ රුපියල් මිලියන 2ක නිවාස ආධාරයක් ලබා දීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම නිවාස ආධාර වැඩසටහනේ බස්නාහිර පළාත් අදියර, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනිද්දා (17) ආරම්භ කෙරෙන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම වැඩසටහන යටතේ අදාළ තරුණ තරුණියන්ට නිවසක් අලුත්වැඩියා කිරීමට, නිවසක් ඉදිකිරීමට හෝ නිවසක් මිලදී ගැනීමට අවස්ථාව හිමිවන බව ඇය සඳහන් කළාය.



