සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කලුබෝවිල අවිෂ්ක’ගේ ගෝලයෙකු (STF) අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW :

රුපියල් මිලියන 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ ‘අයිස්’ (මෙතම්ෆෙටමින්) මත්ද්‍රව්‍ය සමඟ, ‘කලුබෝවිල අවිෂ්ක’ගේ ගෝලයෙකු කලුබෝවිල, පීරිස් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 504ක්, ජංගම දුරකථන දෙකක්, ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ රබර් මුද්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 05, කිරුළපන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කලුබෝවිල අවිෂ්ක’ගේ දේශීය මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සමීපතම ගෝලයෙකු ලෙස මෙම සැකකරු කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...